හෘද රෝග වලට බිය වූ යුගය අවසන්.. ඇමෙරිකාවේ සොයාගන්නා ලද නවීනතම හෘද රෝග සුවකරන EECP තාක්ෂනය දැන් අත ළඟ


ඔබ වයස අවුරුදු 30ට වඩා වැඩිද? ලය අත්දෙක හකු තදවීම වැනි වේදනා වරින් වර ඇතිවී නැතිවී යනවාද? ඔබත් නොදැනුවත්වම හෘද රෝගියෙක් විය හැකියි !!!  

ඖෂධ යොදාගෙන හෝ සැත්කම් මගින් (ඉන්වේසිව්) හෘද රෝග සඳහා ප්‍රතිකාර කරන ලොව පුරා විසිරී සිටින හෘද වෛද්‍ය විශේෂඥ ප්‍රජාව මවිත කරවන අත්හදා බැලීමක් ලෝකප්‍රකට හා අතිශයින් ගෞරවයට පාත්‍ර වූ ඇමරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි මෙඩිකල් ජර්නලයේ 2017 පෙබරවාරි දෙවනදා වාර්තා විය.

මේ විෂමය ජනක අත්හදා බැලීම සිදුකරනු ලැබුවේ “ස්ථායී ඇන්ජයිනා (ස්ටේබල් ඇන්ජිනා) රෝගීන්” සඳහායි. මෙම අත්හදා බැලීම ඕබිටා නමින් හැදින්වුනා.
EECP Treatment in Sri Lanka
Dr. Ishantha Siribaddana having a Discussion with Dr. Ramasamy Subramanian
at his residence about introducing new EECP Cardio Treatment Technology
to Sri Lanka . Dr. Ramasamy is a physician and has a PhD in 
Cardiology and a Fellowship in Clinical Cardiology. He is an 
international expert in EECP treatment and is the pioneer and 
leader in India for EECP Treatment and Technology. 
Dr. Ishantha Siribaddana - Chairman of Java Institute Sri Lanka 
is an IT Specialist and a Medical Researcher.


මේ ලිපිය නිවැරදිව තේරුම් ගැනීමට නම් කව්ද මේ “ස්ථායී ඇන්ජයිනා හෘද රෝගීන්” කියන්නේ කියල මුලින්ම දැන ගැනීම අත්‍යාවශ්‍යම වේ.

ඔබත් නොදැනුවත්වම මෙවැනි හෘද රෝගියෙක් විය හැකියි. සමහරවිට ඔබ ගැස්ට්‍රයිටිස් කියමින් පසුවන්නේ දැඩි ජීවිත අවදානමක් සහිත මේ රෝගය ඇතිවත් විය හැකියි.

මේ “ස්ථායී ඇන්ජයිනා හෙවත් ස්ටේබල් ඇන්ජයිනා හෘද රෝගීන්ගේ” විශේෂත්වය තමයි වරින් වර පපුවේ හෝ පපුව ආශ්‍රිතව අතේ පයේ හෝ හකු වල හෝ පිටකොන්දේ වේදනාවක් හටගෙන ඇඟට අසාමාන්‍ය අපහසුතාවයක් දැනි ටික වෙලාවකින් එම වේදනාව ඉබේම මගහැරී යාම. මේ තත්වය අවුරුද්දක් දෙකක් වුනත් පැවතිය හැකියි.