හෘද රෝග වලට බිය වූ යුගය අවසන්.. ඇමෙරිකාවේ සොයාගන්නා ලද නවීනතම හෘද රෝග සුවකරන EECP තාක්ෂනය දැන් අත ළඟ


ඔබ වයස අවුරුදු 30ට වඩා වැඩිද? ලය අත්දෙක හකු තදවීම වැනි වේදනා වරින් වර ඇතිවී නැතිවී යනවාද? ඔබත් නොදැනුවත්වම හෘද රෝගියෙක් විය හැකියි !!!  

ඖෂධ යොදාගෙන හෝ සැත්කම් මගින් (ඉන්වේසිව්) හෘද රෝග සඳහා ප්‍රතිකාර කරන ලොව පුරා විසිරී සිටින හෘද වෛද්‍ය විශේෂඥ ප්‍රජාව මවිත කරවන අත්හදා බැලීමක් ලෝකප්‍රකට හා අතිශයින් ගෞරවයට පාත්‍ර වූ ඇමරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි මෙඩිකල් ජර්නලයේ 2017 පෙබරවාරි දෙවනදා වාර්තා විය.

මේ විෂමය ජනක අත්හදා බැලීම සිදුකරනු ලැබුවේ “ස්ථායී ඇන්ජයිනා (ස්ටේබල් ඇන්ජිනා) රෝගීන්” සඳහායි. මෙම අත්හදා බැලීම ඕබිටා නමින් හැදින්වුනා.
EECP Treatment in Sri Lanka
Dr. Ishantha Siribaddana having a Discussion with Dr. Ramasamy Subramanian
at his residence about introducing new EECP Cardio Treatment Technology
to Sri Lanka . Dr. Ramasamy is a physician and has a PhD in 
Cardiology and a Fellowship in Clinical Cardiology. He is an 
international expert in EECP treatment and is the pioneer and 
leader in India for EECP Treatment and Technology. 
Dr. Ishantha Siribaddana - Chairman of Java Institute Sri Lanka 
is an IT Specialist and a Medical Researcher.


මේ ලිපිය නිවැරදිව තේරුම් ගැනීමට නම් කව්ද මේ “ස්ථායී ඇන්ජයිනා හෘද රෝගීන්” කියන්නේ කියල මුලින්ම දැන ගැනීම අත්‍යාවශ්‍යම වේ.

ඔබත් නොදැනුවත්වම මෙවැනි හෘද රෝගියෙක් විය හැකියි. සමහරවිට ඔබ ගැස්ට්‍රයිටිස් කියමින් පසුවන්නේ දැඩි ජීවිත අවදානමක් සහිත මේ රෝගය ඇතිවත් විය හැකියි.

මේ “ස්ථායී ඇන්ජයිනා හෙවත් ස්ටේබල් ඇන්ජයිනා හෘද රෝගීන්ගේ” විශේෂත්වය තමයි වරින් වර පපුවේ හෝ පපුව ආශ්‍රිතව අතේ පයේ හෝ හකු වල හෝ පිටකොන්දේ වේදනාවක් හටගෙන ඇඟට අසාමාන්‍ය අපහසුතාවයක් දැනි ටික වෙලාවකින් එම වේදනාව ඉබේම මගහැරී යාම. මේ තත්වය අවුරුද්දක් දෙකක් වුනත් පැවතිය හැකියි.


සමහර රෝගීන්ට නම් මේ අපහසුව ඇවිදිනවිට, ආතතියක් ඇතිවුන විට, පඩිපෙලක් නගින විට වගේ ඇතිවී ටික වෙලාවකින් නැතිවී යයි. මේ වේදනාව ටික වෙලාවකින් ඉබේම නැතිවී යන බැවින් රෝගීන් මේ ගැන නොසලකා හරී. මේ හෘද රෝගය දැඩි ජීවිත අවධානමක් සහිත “ස්ථායී ඇන්ජයිනා හෘද රෝගය” නම් වෙනවා. පපුවේ වේදනාව ඇතිවන්නේ හෘදයේ ප්‍රධාන කිරීටක ධමනි අවහිර වී පමණක්ම නොවේ. ප්‍රධාන කිරීටක ධමනි අවහිර වී ඇත්නම් ස්ටෙන්ට් දැමීම හෝ බයිපාස් සැත්කමකට භාජයනය වීමට සිදුවෙනවා. එම රෝගී තත්වය හඳුන්වනු ලබන්නේ “අස්ථායි ඇන්ජයිනා හෙවත් අන්ස්ටේබල් ඇන්ජයිනා” යනුවෙනුයි. නමුත් හෘදයේ තියෙන කුඩා ධමනි අවහිර වූ විට ඒ නිසා දැනෙන පපුවේ වේදනාව අඩු කරන්න ස්ටෙන්ට් වලට හෝ බයිපාස් සැත්කමකට හැකියාවක් නැහැ. එනිසයි “ස්ථායි ඇන්ජයිනා” රෝගීන් සඳහා ස්ටේන්ට් එනම් ඇන්ජියෝප්ලස්ටි සැත්කම සුදුසු නොවන්නේ.

මේ රෝගය තමාට වැළඳී ඇත්දැයි දැනගැනීම ඉතාම පහසුයි. ඉහත කී වේදනාව ඇතිවිට නෛට්‍රයිල් පෙත්තක් හෝ සොබිට්‍රෙට් පෙත්තක් දිවයටින් තබන්න. එකවිට වේදනාව නැතිවෙලා යනවනම් බොහෝ විට ඔබටත් මේ රෝගය වැළඳිලා විය හැකියි. එහම නැතිනම් හොඳම දේ තමයි රෝහලක් වෙත ගොස් ස්ට්‍රෙස්ස් ට්‍රේඩ්මිල් ඊසීජී පරීක්ෂාවක් කරවා ගැනීම. සාමාන්‍ය ඊසීජී එකකින් හෝ එකෝ පරීක්ෂණයකින් මේ රෝගය නිර්ණය වෙන්නේ නැහැ. මේ රෝගය සාමාන්‍යයෙන් වයස අවුරුදු 30න් පස්සේ ඇතිවෙන්න පුළුවන්.

මේ රෝගය තමාට වැළඳී ඇති බව හොඳින් දන්නා “ස්ථායී ඇන්ජයිනා හෘද රෝගීන්” කරන්නේ වේදනාව එනවිටම තමන් ළඟ තියෙන සොබිට්‍රෙට් පෙත්තක් දිව යටින් තබා ගැනීම හෝ ග්ලිසරයිල් ට්‍රයිනෛට්‍රෙට්  ස්ප්‍රේ එක දිව යටට ස්ප්‍රේ කර ගැනීම හා ඉන්පසු ඉක්මනින්ම දිගුකාලීනව වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වීම.

ඉතත කී ඕබීටා අත්හදා බැලීමේදී ඉතාම වැදගත් දෙයක් සොයාගනු ලැබුවා. ඒ තමයි “ස්ථායී ඇන්ජයිනා (ස්ටේබල් ඇන්ජයිනා) හෘද රෝගීන් ” හට ඇන්ජියෝප්ලාස්ටි සැත්කම කිරීම එනම් ස්ටෙන්ට් දැමීම තුලින් ඇවිදීමේදී හා අනෙකුත් ක්‍රියාකාර කම් වලදී ඔවුන්ගේ පපුවේ ඇතිවන වේදනාවේ සැලකියයුතු වෙනසක් සිදු නොවෙන බව. තවදුරටත් ඔවුනට වේදනාවෙන් තොර නිරෝගී යහපත් ජීවින රටාවක් පවත්වා ගැනීමටත් නොහැකි වන බව.

මේ අත්හදා බැලීම සඳහා “ස්ථායි ඇන්ජයිනා හෘද රෝගීන්” කොටස් දෙකකට බෙදා වෙන් කරනු ලැබුවා. එක් කොටසකට ඇන්ජියෝප්ලාස්ට් සැත්කම කරනවා වගේ එනම් ස්ටෙන්ට් ඇතුළු කරනවා මෙන් පෙන්වා එසේ කලේ නැහැ. අනිත් කොටසට ඇත්තටම ස්ටෙන්ට් හෘදයට ඇතුළු කරනු ලැබුවා. මේ අයුරින් සාම්පල දෙකක් භාවිතා කරන ක්‍රමය ෂැම් ප්‍රතිකාර ක්‍රියාවලිය ලෙස හඳුන්වනවා. පසුව කල අධ්‍යනයේදී ස්ටෙන්ට් ඇතුළු කල හා නොකළ රෝගීන්ගේ ඇතිවන පපුවේ වේදනාවේ හෝ ඇවිදීමට හැකි දුර ප්‍රමාණයේ එතරම් වෙනසක් සිදු නොවුන බව හොඳින් පැහැදිලි විය. මෙම අත්හදා බැලීම සඳහා ඇන්ජියෝග්‍රෑම් එකක් මගින් නිරීක්ෂණය කර හෘදයේ ප්‍රධාන ධමනි අවහිරවී තිබු රෝගීන් තෝරාගත්තේ නැහැ. ඒ ඔවුන් ස්ථායී ඇන්ජයිනා රෝගීන්ගේ ඝනයට නොවැටෙන නිසා.

මේ ෂැම් ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් කණ්ඩායම් දෙක අතර කල අත්හදා බැලීමේදී ලැබුන ප්‍රතිඵලයේ ඵලදායී බව ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා තව දුරටත් විස්තර කරීම වැදගත්.

ඉහත කී පළමු කණ්ඩායමට ඇන්ජියෝප්ලාස්ටි සැත්කම කරනු ලැබුවා. එනම් තරමක් දුරට අවහිර වෙලා තිබුන ධමනි විවෘත්ත කරලා හෘදයට ස්ටෙන්ට් ඇතුළු කරනු ලැබුවා. දෙවන කණ්ඩායමට ස්ටෙන්ට් ඇතුළු නොකර ස්ටෙන්ට් ඇතුලුකල බව දැනෙන්න ඉඩහැරිය. ඔවුන් දෙපිරිසමට ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාරය කල බව දැනෙන්න ඉඩහැර තිබුනා.

සාමාන්‍යයෙන් මෙවැනි ප්ලැසිබෝ ප්‍රතිකාරයක් කරන්නේ ඖෂධ වල ඇති ඵලදායීබව පරීක්ෂා කරන්න. ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකර්මය ලොවට හඳුන්වාදුන් 1977 වසරෙන් පසුව මෙවැනි ප්ලැසිබෝ ප්‍රතිකාරයක් ඇන්ජියෝප්ලාස්ටි සැත්කම සඳහා කරන ලද පළමු වතාව මෙයයි.

මේ ලද ප්‍රතිඵලය නිසා ස්ථායී ඇන්ජයිනා හෘද රෝගීන් හා අස්ථායි ඇන්ජයිනා හෘද රෝගීන් සඳහා ඇන්ජියෝප්ලස්ටි සැත්කමේ බූමිකාව හෘද රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රජාව අතර දැඩි විවාදයට හා මතවාදයට ලක්වුණා.

තවදුරටත් හෘද චිකිත්සා විද්‍යාවේ මෙවැනිම විශාල අත්හදා බැලීම් දෙකක් තමයි කරේජ් හා බාර්ඩි2ඩි කියන්නේ. මේ දෙකෙනුත් පෙන්නුම් කර තිබෙන්නේ පපුවේ වේදනාව ඇතිවෙන ස්ථායි ඇන්ජයිනා හෘද රෝගීනට ප්‍රතිකාර කිරීමේදී සම්මත ඖෂධ වලින් රෝගියෙකු කලමානාකර්ණය කිරීම වෙනුවට ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම යොදා ගැනීමමෙන් කිසිඳු විශේෂ වාසියක් රෝගීන්ගේ මරණය හෝ හාර්ට් ඇටෑක් එකක් ඇතිවීම වැළැක්වීම කෙරෙහි සිදු නොවන බවයි. සරලව ප්‍රකාශ කළහොත් අද හෘද රෝග වෛද්‍ය විශේෂඥයින්ට මේ දැනුම නිසා පිළිගන්න සිදුවෙලා තියෙනවා ස්ථායී ඇන්ජයිනා රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව හෝ අනාගතයේදී හාර්ට් ඇටැක් එකක් වැලඳීම වැළැක්වීම සඳහා ඇන්ජියෝප්ලාස්ටි සැත්කම හරහා ස්ටෙන්ට් දැමීම මගින් කිසිඳු බලපෑමක් කල නොහැකි බව.

ඇන්ජියෝප්ලාස්ටි සැත්කමක් සඳහා අනුමත වී ඇති රෝගියෙක් ඒ පිලිබඳ නිවැරදිව ස්වයං තීරණය ගැනීමේදී ඉහත දැක්වූ කරුණු ඉතාම හොඳ පාඩම් මාලාවක් වනවාට කිසිඳු සැකයක් නැහැ.

හෘදයේ රුධිර නාලයක ඇතිවන අවහිරතාවය ඉතාම අවධානම් හා එනිසා ඕනෑම අවස්ථාවක හාර්ට් ඇටැක් එකක් ඇතිවිය හැකි බවත් එය හරියට කාල බෝම්බයක් මෙන් මාරාන්තික බැවින් ඉතා ඉක්මනින් ප්‍රතිකාර කලයුතු බවත් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් විසින් ඉතා සූක්ෂම ලෙස ස්ථායී ඇන්ජයිනා හෘද රෝගීන්ටද ඒත්තු ගන්වනවා.

නමුත් හෘද රෝග විශේෂඥයින් ඉහත දැක්වෙන අයුරින් ස්ථායී ඇන්ජයිනා රෝගීන් හට කරන වැරදි සහගත පැහැදිලි කිරීම් අධ්‍යාපනඥයන් ගේ ප්‍රජාව (ඇකැඩමික් සොසයිටිය) තුල පිළිගැනීමට ලක් නොවන්නේ එය සම්මත මාර්ගෝපදේශන නිර්දේශ (ස්ටෑන්ඩර්ඩ් ගයිඩ්ලයින්ස්) වලට පටහැනිව සිදුවන නිසා. ඖෂධ වලින් රෝගය කළමනාකරණය නොකර ඇන්ජියෝප්ලාස්ටි සැත්කමක් නියම කරන්නේ පපුවේ වෙදනාව් තුරන් කිරීමට ඉන් ප්‍රමුකත්වය ලැබෙනවායයි ස්ථිරනම් පමණමයි. නමුත් මේ පිලිබඳ දැන් විවාදයට ලක්වෙනවා. රෝගීනට ඇන්ජියෝප්ලස්ටි සුදුසු යයි යෝජනා වන්නේ ඉන් වේදනාව තුරන් වී නිරෝගී යහපත් සාමාන්‍ය ජීවන තත්වයකට පත් වනවානම් පමණයි.

තවත් රෝගීන් කොටසක් ඉන්නව ඒ අය කැමති නැහැ ඖෂධ වලින් සුවයක් ලැබෙනතෙක් යම්කිසි කාලයක් සිටීමටත් මූලිකව ඖෂධ වැඩි ප්‍රමාණයක් ගැනීමටත්. එවිට ක්ෂණිකව පප්වේ වේදනාව නාශනය කරන්න එක අරමුණ වූවා නම් ඇන්ජියෝප්ලාස්ටි සැත්කමක් මේ කණ්ඩායමට ලබාදීම ප්‍රමුක වෙනවා.

කෙසේ වුවද පහත සදහන් කරුණු සරල බසින් පැහැදිලිව තෝරාබේරා දෙන්නේනම් ස්ථායී ඇන්ජයිනා හෘද රෝගීන් කී දෙනෙක් ඇන්ජියෝප්ලස්ටි සැත්කම සඳහා යොමු වේදැයි බලමු.

ඇන්ජියෝප්ලස්ටි සැත්කම යනු ශරීරය තුලට ලෝහමය හෝ ප්ලාස්ටික් ස්ටෙන්ට් එකක් ස්ථිරව අතුලුකර තබන සැත්කමක් නිසා ඊට ලක්වන්නන්හට යම්කිසි අවධානමක් එම ක්‍රියාවලිය තුලම ඇති බව. මෙහිදී ඇතුලුකර තබන ස්ටෙන්ට් එක ආරක්ෂා කර ගැනීම සඳහා දිගු කාලීනව ඖෂධ රාශියක් ගැනීමට සිදුවන බව. කලකදී ස්ටෙන්ට් එක නැවත අවහිර වෙන නිසා හෘද සැත්කමක් නැවත කිරීමට සිදු වනබව. සමහරවිටෙක ස්ටෙන්ට් එක ශරීරය ප්‍රතික්ෂේප කිරීම නිසා හාර්ට් ඇටැක් එකක් ඇතිවිය හැකි බව. අවාසාන වශයෙන් ස්ටේන්ට් එකකින් හරහා පපුවේ වේදනාව යම් ප්‍රමාණයක් තාවකාලිකව තුරන් කිරීම හැරුන කොට ජීවිත කාලය වැඩි කිරීමක් හෝ අනාගතයේ දී හාර්ට් ඇටැක් එකක් වැළැක්වීම සිදු නොවන බව.

හෘද රෝග විශේෂඥයින් මේ ගැන නිවැරදිව වටහා නොදෙන නිසා රෝගීන් උපකල්පනය කරනවා ඇන්ජියෝප්ලස්ටි සැත්කම මගින් නොලැබෙන වාසි පිලිබඳව. එනිසා මේ ක්‍රියාවලිය දැන් රට පුරාම බහුල වශයෙන් සිදු වෙනවා. කෙසේ වෙතත් මේ වනවිට බටහිර ලෝකය ස්ථායී ඇන්ජයිනා රෝගීන් සඳහා ඇන්ජියෝප්ලාස්ටි සැත්කම කිරීම සීග්‍රයෙන් පහල දමමින් පවතිනවා. හෘද රෝග ලක්ෂණ යම් ප්‍රමාණයකට තාවකාලිකව සමනය කිරීම සඳහා පමණක් මේ ඇන්ජියෝප්ලස්ටි සැත්කමෙන් ප්‍රයෝජනයක් වන බව ස්ථායී ඇන්ජයිනා රෝගීනට නිවැරදිව වටහා දුන්නොත් රෝගීන් කිහිපදෙනෙක් පමණක් මෙම ක්‍රියාවලිය පිළිගැනීමට ඉඩ තිබෙනවා. බොහෝ රෝගීන් ඇන්ජියොප්ලාස්ටි සැත්කම තෝරා ගන්නේ පපුවේ වේදනාවෙන් ගැලවෙන්නම පමණක් නෙවෙයි මරණයට ඇති භය නිසාමයි.

පපුවේ වේදනාව අඩු කිරීමේ හැකියාවක් ඇති බවටත්, නිරෝගි යහපත් ජීවන රටාවක් ඇතිකල හැකි බවටත් ඇන්ජියෝප්ලාස්ටි පිලිබඳ තිබුණු වසර 40ක් සාම්ප්‍රදායික දැනුම කම්පනයට පත් කරන්න ඉතා හොඳ පාලිත තත්වයන් යටතේ කරන ලද ඕබිටා නමින් හැඳින්වූ මෙම ෂැම් අත්හදා බැලීම අද සමත්වෙලා තිබෙනවා. ඒ විතරක් නොවෙයි හදවත් රෝග සඳහා ප්‍රතිකාර නිර්ණායක සකස්කරන කමිටු (ගයිඩ්ලයින් කමිටී) වලට “ස්ථායී ඇන්ජයිනා රෝගීන්” සඳහා ඇන්ජියොප්ලාස්ටි නිර්දේශ කිරීම පහල දැමීම සඳහා බලපෑම් කිරීමටත් මේ අත්හදා බැලීම අද සමත් වෙලා තියෙනවා. දැන් නැවතත් පැහැදිලි වී තිබෙනවා ඇන්ජියොප්ලාස්ටි සැත්කම බොහෝ රෝගීන්ට අනුමත නොකර ඖෂධ වලින් රෝගියාව කළමනාකරණය කරන ප්‍රතිකාර ක්‍රමය වඩා නිවැරදිම ක්‍රමය ලෙස. නමුත් ඖෂධ විශාල ප්‍රමාණයක් දිගින් දිගටම ගැනීමට බොහෝ රෝගීන් අකමැතිනම් කුමක්ද මේ සඳහා ඇති පිළිතුර?

හෘද රෝග විශේෂඥයින්ට විසඳා ගත නොහැකිවී ඇති තවත් ප්‍රශ්නයක් වන්නේ ස්ථායී ඇන්ජයිනා රෝගීනට ඇන්ජියොප්ලාස්ටි සැත්කමක් මගින් ස්ටෙන්ට් එකක් ඇතුලු කර ධමනියේ තිබුන අවහිරතාවය මුළුමුනින්ම ඉවත්කර රුධිර ගමනාගමනය නැවත ප්‍රකෘත්තිමත් කලද, පපුවේ වේදනාව අඩු නොවීම, ජීවිතකාලය වැඩි නොවීම හා නැවත හාර්ට් ඇටෑක් එකක් ඇතිවීම සිදු වන්නේ කෙසේද යන්නයි.

පිළිතුර අප විශ්වාස කරනවාට වඩා සංකීර්ණයි. මෙහිදී තමයි සියුම් රුධිර නාලිකා වල මනා රුධිර සංසරණය පපුවේ වේදනාව ඇති නොවීම කෙරෙහි විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලි කරගත යුතු වන්නේ. තවදුරටත් දිගුකාලීනව ඇති අත්දැකීම් අනුව නිගමනය වන්නේ පපුවේ වේදනාව ඇතිවීමට ප්‍රධාන වශයෙන් දායක වන්නේ හෘදයේ සියුම් රුධිර නාලිකා වල රුධිර සංසරණයේ ඇතිවන අවහිරතාවයන් බව. එම සියුම් රුධිර නාලිකා වල ඇති අවහිරතාවය ඉවත් කිරීමට බයිපාස් හෝ ඇන්ජියොප්ලාස්ටි සැත්කම් වලට හැකියාවක් නොමැති හා අනාගතයේ හාර්ට් ඇටැක් එකක් ඇතිවීම හෝ රෝහල්ගතවීම ඊට නොවැලැක්විය හැකි බව.

EECP ප්‍රතිකාරයේදී හදවතේ සිදුවන වෙනස 
කිසිඳු ඖෂධයක් ශරීරගත නොකරමින් (නන්ඉන්වෙසිව්) හෘදයේ සියුම් රුධිර නාලිකා විශාල කර එම නාලිකාවල රුධිරය ගමන් කරන ධාරිතාවය වර්ධනය කිරීම මගින් (ඩ්වෙලොපින් කෝලැටරල්) අවහිර වී ඇති ධමනි ස්වාභාවිකව මගහරවන (නැචුරල් බයිපාස්) ප්‍රතිකාර ක්‍රමය හෘද රෝග වෛද්‍ය විද්‍යාවේ මේ වනවිට ඇති අලුත්ම ප්‍රතිකාර ක්‍රමය වෙනවා.මෙම ප්‍රතිකාර ක්‍රමය ඊඊසීපී නම් වෙනවා. එනම් එන්හැන්ස්ඩ් එක්ස්ටර්නල් කවුන්ටර් පල්සේෂන් නමින් හැඳින්වෙනවා. මෙම ඊඊසීපී ප්‍රතිකාර ක්‍රමය මගින් සියුම් රුධිර නාල විශාල කිරීමද ඒවා අලුතෙන් ගොඩනැගීම හරහා හදවතේ පේශි වලට රුධිර ධාවනය නැවත ප්‍රකෘතිමත් කල හැකි බවද ඔප්පු කර අවසානයි. මෙය ඇමෙරිකාවේ වේසෝ-මෙඩිකල් ආයතනයේ නව සොයාගැනීමක්. මීට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ අධිකාරියේ (යූඑස් - එෆ්ඩීඒ) අනුමැතිය පවා මේ වනවිටම ලැබී තිබෙනවා. නමුත් ජාන තෙරපි (ජීන් තෙරපි) ක්‍රමය හා වර්ධන සාධක ඉන්ජෙක්ෂන් (ග්‍රෝත් ෆැක්ටර් ඉන්ජෙක්ෂන් ) ක්‍රම වලට පවා මෙතෙක් එෆ්ඩීඒ අනුමැතිය ලැබී නැහැ.

දශක ගණනාවක් පුරා ස්ථායි ඇන්ජයිනා රෝගීනට හෘදයේ කිරීටක ධමනි වල අවහිරතාව ඉවත් කිරීමට තෝරාගනු ලැබූ ප්‍රතිකාර ක්‍රමය වන මේ ඇන්ජියෝප්ලාස්ටි සැත්කම සාර්ථකව කලද, ඊට එම රෝගීන්ගේ ජීවීත කාලයේ වැඩිවීමක් වන බවත්, අනාගතයේ හාර්ට් ඇටෑක් එකක් සිදු නොවන බවත්, පපුවේ වේදනාව අඩුකළ හැකි බවත් හා නිරෝගී යහපත් සාමාන්‍ය ජීවන රටාවක් ඇති කල හැකි බවත් පිලිබඳ වගකීමක් ගැනීමට හැකියාවක් නැහැ.

එසේනම් ඇන්ජියෝප්ලාස්ටි සැත්කම කරන ලද රෝගීනට පහසුවක් දැනෙන්නේ කෙසේද? ඒ සැත්කමෙන් පසු ලබාදෙන ඖෂධ නිසා. ඇන්ජියෝප්ලාස්ටි සැත්කම නොකර ඖෂධ ලබා දුන්නද මේ සුවයම ලැබීමට හැකියාව ඔවුනට තිබෙනනවා. මේ දැනුම ලබාගනු ලැබුවේ ප්‍රධාන අත්හදා බැලීම් තුනක් වන කරේජ්, බාරි, හා ඔර්බිටා කියන අත්හදා බැලීම් තුන හරහා.

මීළඟ ප්‍රශ්නය වන්නේ, එසේනම් හෘද රෝගයට ප්‍රතිකාරය ලෙස ඇන්ජියෝප්ලාස්ටි සැත්කම තෝරාගතහොත් ස්ථායී ඇන්ජයිනා රෝගියෙක් වන මට ඇති වාසිය කුමක්ද යන්නයි. සරල පිළිතුර නම් කිසිඳු වාසියක් නොමැත යන්නයි. මේ පිළිතුරෙහි යම්කිසි හෝ අපැහැදිලි බවක් තිබේ නම් ඒබව හෘද චිකිත්සාව පිලිබඳ අනාගත අධ්‍යන මගින්ද තවදුරටත් තහවුරු වනු ඇත.

හෘද සැත්කමක් කිරීම හෝ ස්ටෙන්ට් එකක් දැමීම මගින් අනාගතයේදී හෘද රෝග ලක්ෂණ ඇතිවීම, හෘදයේ අනාගත සුරක්ෂිත බව ඇතිවීම හෝ හෘදයාබාදයක් හට නොගන්නා බවට හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් දැඩි විශ්වාසයකින් කරන ලද වික්‍රමාන්විත ප්‍රකාශය මේ වනවිට වලංගු නොවේ. තවදුරටත් දැඩි අවධානයට ගතයුතු දේ නම් මෙහි සඳහන් වන සියලු කරුණු අදාළ වන්නේ ස්ථායී ඇන්ජයිනා (ස්ටේබල් ඇන්ජයිනා) රෝගීන් සඳහා පමණක් වන බවයි. අස්ථායි ඇන්ජයිනා රෝගීන් (අන්ස්ටේබල් ඇන්ජයිනා) යනු තවත් හෘද රෝගීන් කණ්ඩායමක්. ඔවුනට දිගු කාලීනව හා විවේකීව සිටින විටද පපුවේ වේදනාව පවතින අතර ඖෂධ වලින්ද කිසිඳු සහනයක් නොවේ. ඔවුන්ට හාර්ට් අටැක් එකක් ආසන්නයේදීම ඇතිවිය හැකියි. මේ කණ්ඩායම ඇන්ජියෝප්ලාස්ටි සැත්කම මගින් ජීවිතය ආරක්ෂා කරගැනීම ඵලදායී වේ.

ස්ථායී (ස්ටේබල්) හා අස්ථායි (අන්ස්ටේබල්) ඇන්ජයිනා රෝග දෙක වෙන්කර හඳුනා ගැනීම සඳහා අදටත් හෘද රෝගීන්ට අඩු දැනුවත්වීමක් ඇති හෝ නැතිනම් ඔවුන් විශේෂඥ වෛද්‍ය වරුන්ගේ ප්‍රකාශ වලට අන්ධ වී ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ. ඔවුන් දැනුවත් නැහැ ඇන්ජියෝප්ලාස්ටි සැත්කම මගින් විශේෂ වාසියක් ලැබෙන්නේ කුමන තත්වය යටතේද කිසිඳු වාසියක් නොලැබෙන්නේ කුමන තත්වය යටතේද යන්න තේරුම් ගන්න තරම්. තමන්ට ඇන්ජියෝප්ලාස්ටි සැත්කමක් කිරීමට අනුමත කල විට තමා අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ප්‍රකාශ කිරීමට තරම් හෘද රෝගීන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය කාර්යක් වෙනවා වගේම එය අතිශයින් වැදගත් වන්නේ අනවශ්‍ය වෛද්‍ය ක්‍රියාමාර්ග වලට යාම නිසා රෝගීන්ගේ ජීවිත කාලය කෙටිවීම වලක්වා ගන්න.

මේවන විට ලෝකය පුරා වසරකට ලක්ෂ 5ක් ඇන්ජියෝප්ලාස්ටි සැත්කම අනවශ්‍ය ස්ථායී ඇන්ජයිනා රෝගීන් සඳහා සිදුවෙමින් පවතී. එය ශ්‍රී ලංකාවේ කොතෙක් සිදුවනවාදැයි මෙතෙක් ගණන් බලා නොමැත.

ස්ථායී ඇන්ජයිනා රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට ඇති නිවැරදිම හා සාර්ථකම ක්‍රමය ලෙස ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ කළමනාකරණ අධිකාරිය (යුඑස් - එෆ්ඩිඒ) අනුමත කර ඇති ඊඊසීපී තාක්ෂනය ඉතාම සාර්ථක පිලියමක්. මෙම ප්‍රතිකාර ක්‍රමය මෙතෙක් ලංකාවේ නැහැ. මෙම ප්‍රතිකාරය මේ වනවිට ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිත වී තිබෙනවා. තවද ඇන්ජියෝප්ලාස්ටි සැත්කම් ප්‍රමාණය ඉන්දියාවේ පවා ඉතා සීග්‍රයෙන් පහත වැටෙමින් පවතිනවා.

මේ සඳහා තවදුරටත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ජාවා උසස් අධ්‍යාපන ආයතනයේ කාඩියෝවැස්කියුලර් රිසර්ච් ආයතනය දුරකථන අංකය වන 075 768 39 10 ඇමතීමෙන් හෝ ishantha@javainstitute.edu.lk ලිපිනය මගින් පුළුවන්.
 .

මෙම ලිපිය සකස් කලේ ආචාර්ය ඉෂාන්ත සිරිබද්දන (සභාපති ජාවා උසස් අධ්‍යාපන ආයතනය හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය ) විසින් වෛද්‍ය විශේෂඥ රාමසාමි සුබ්‍රමනියන් සමග කල සාකච්චාවක් ඇසුරිනි. විශේසඥ වෛද්‍ය රාමසාමි සුබ්‍රමනියන් ඉන්දියාවේ දේවන්ගරී වෛද්‍ය විද්‍යාලයේ එම්බිබීඑස් උපාධිදරියෙක් වන අතර ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ හෘද චිකිත්සාව පිලිබඳ පශ්චාත් උපාධිය නිම කර තිබේ. තවද නිව්යෝක්හි පොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ නන්-ඉන්වෙසිව් හෘද චිකිත්සක වැඩසටහනේ වසර හතරක පුහුනුව ලබා තිබේ. මේ වනවිට ඉන්දියාවේ චෙට්ටිනාඩ් සිටි විශ්වවිද්‍යාලයේ ඊඊසීපී පිලිබඳ උපදේශක ධුරයද හොබවන අතර ඉන්දියාවේ හීල් යුවර් හාර්ට් මෙඩිකල් සෙන්ටර් ආයතන 28 ක කළමනාකාර අධ්‍යක්ශාකධුරයද දරයි.


No comments:

Post a Comment